මහ බැංකු බැඳුම්කර නඩුවට අදාළව අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා, සිංගප්පූරුවේදී සිය නම ‘හරෂාන් හරපාන් ඇලෙක්සැන්ඩර්’ ලෙස වෙනස් කර ඇති බව අධිකරණ හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. කෙසේ වෙතත්, සිංගප්පූරු නීතියට අනුව එරට පුරවැසියෙකු ලංකාවට ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බැවින්, බැඳුම්කර නඩුවට අදාළව ඔහු ඉක්මනින්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නීතිමය මාර්ග ඔස්සේ කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
















