මහ බැංකු බැඳුම්කර නඩුවට අදාළව අධිකරණයට අවශ්‍ය කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට උදර්පණය කරගැනීමේදී නීතිමය බාධා පවතින බවත්, ඔහු සිය නම ‘හර්ජාන් ඇලෙක්සැන්ඩර්’ ලෙස වෙනස් කරගෙන ඇති බවත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකට එකතු වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. සිංගප්පූරුවේ පුරවැසියකු වන අර්ජුන මහේන්ද්‍රන් එරට නීතිය අනුව සෘජුව ලංකාවට ගෙන ඒමේ හැකියාවක් නොමැති වුවද, විවිධ නීතිමය උපක්‍රම හා ක්‍රමවේද හරහා ඔහු මෙරටට ගෙන ඒමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ඔහු අවධාරණය කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නිකුත් කිරීමට කටයුතු කිරීමත් සමඟ ඔහු මෙම නම වෙනස් කිරීම සිදු කර ඇති බව තොරතුරු අනාවරී වී තිබේ.
2015 වසරේ සිදු වූ රුපියල් බිලියන දහයකට අධික බැඳුම්කර වංචාවට අදාළ නඩුව ඔක්තෝබර් 30 වැනිදා යළි කැඳවීමට නියමිතය.
















