යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා, 2026 මැයි මස 24 වැනි දින වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය. වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්. කුලතුංග මහතා විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරයේදී වන්නි ප්‍රදේශයේ ක්‍රියාත්මක මෙහෙයුම් සහ වත්මන් කටයුතු පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන්ව සවිස්තරාත්මකව දැනුවත් කිරීමට කටයුතු කෙරිණි. අනතුරුව, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ අලුතින් ඉදිකරන ලද නිලධාරී නවාතැන් සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට ද යුද්ධ හමුදාධිපතිතුමන් එක්විය.














