මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ වර්තමාන විදුහල්පතිවරයා ඉවත් කිරීමට සහ මීට පෙර විනය චෝදනා මත ස්ථාන මාරු කරනු ලැබූ විදුහල්පතිනියක එම පාසලට අනුයුක්ත කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් දෙමාපියන් අද (25) පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත විය.
මීට වසර දෙකකට පෙර පාසලේ වැඩ භාරගත් වර්තමාන විදුහල්පතිවරයා පාසලේ විශාල දියුණුවක් ඇති කර ඇති බව පවසන දෙමාපියන්, ඔහු ඉවත් කිරීමට එරෙහිව සිය බලවත් විරෝධය පළ කළහ. එසේම, 2019 වසරේදී විනය චෝදනා මත ස්ථාන මාරුවක් ලැබූ විදුහල්පතිනියක යළි එම පාසලට කැඳවීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි.සිද්ධිය සම්බන්ධයෙන් එම ස්ථානයට පැමිණි මාවනැල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා වෙත දෙමාපියන් සිය ඉල්ලීම් ඇතුළත් ලිපියක් භාර දී තිබේ. පවතින තත්ත්වය පිළිබඳව ඉහළ නිලධාරීන් දැනුවත් කරන බවට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා පොරොන්දු වී ඇත.














