27 April 2024
#දේශීය

හිටපු ජනපතිට දුන් නිවස ගැන ඇමැති මණ්ඩලය දුන් තීරණය අත්හිටුවයි

කොළඹ පැජට් පාරේ නිවෙසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනමක් අද (29) නිකුත් කෙළේය.

එම අතුරු තහනම් නියෝගය අද සිට සති හතරක් ක්‍රියාත්මක බව ද ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.

විකල්ප කේන්ද්‍රය මගින ඉදිරිපත් කල මෙම පෙත්සම සලකා බැලුවේ ප්‍රීතිපද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේදිය.

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *