27 April 2024
#දේශීය

රිය අනතුරකින් හමුදා නිලධාරින් දෙනෙකු මිය යයි  

බකමුණ, දඹුල්ල මාර්ගයේ දමනයාය ප්‍ර දේශයේදී යතුරුදියක් හා පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වු අනතුරකින් දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයින් යතුරුපැදියේ පැදිකරු හා පසුපැදිකරු වන අතර ඔවුන් අනතුර සිදු වී බරපතල තුවාල ලබා බකමුණු රෝහලට ඇතුළත් කිරීමෙදී මිය ගොස් තිබේ. මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 27 හා 28 වයස් වල පසුවන ලුණුගල හා හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. ඔවුන් යුධ හමුදාවේ සේවය කරන අය බවට අනාවරණ වී තිබෙන බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

මෘත ශරීරයන් බකමුණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් බකමුණ පොලිසිය වැඩිදුර වීමර්ශන සිදු කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *