27 April 2024
#සංවර්ධන

කොළඹ පදික වෙළෙඳුන්ගේ දෛනික කටයුතු කොළඹ නගරාධිපතිනියගේ නිරික්ෂණයට

කොළඹ පදික වෙළදුන් හට රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය නීතී රීති වලට අවනතව තමන්ගේ වෙළදාම් කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන බව නගරාධිපතිනී රෝසී සේනානායක මහත්මිය පැවසුවාය.

ඇය Covid – 19 ව්‍යාප්තිය හමුවේ රටේ ජන ජීවිතය හා අර්ථිකය නැවත සාමාන්‍යකරණය කිරීම සඳහා රජය විසින් ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවලට සහය ලබා දීමේ අරමුණින්, කොටුව පළමු හරස් වීදිය, දෙවන හරස් වීදිය, ඕල්කට් මාවත යන වීදීන් වල වෙළදාම් කටයුතු සිදු කරන පදික වෙළදුන්ගේ ජීවනෝපායමාර්ග යථාවත් කිරීම සඳහා අද දින එම ස්ථානීය පරීක්ෂාවක යෙදුණි.

එහිදී නගරාධිපතිනිය නගර සභාවට අයබදු ගෙවන මෙම පදික වෙළදුන් හට රජය විසින් ලබා දී ඇති සෞඛ්‍ය නීතී රීති වලට අවනතව තමන්ගේ වෙළදාම් කටයුතු සිදු කරගෙන යාමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා හට උපදෙස් ලබා දී තිබේ.

 

මෙම අවස්ථාව සඳහා පිටකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා සහ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුවන් පිරිසක් සහභාගී විය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *