වැසි සහිත දිනවල මාර්ගවල ඇතිවන රථවාහන තදබදය හමුවේ ඉවසීමෙන් හා වගකීමෙන් කටයුතු කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගවල ගමනාගමනයට බාධා ඇතිවිය හැකි බැවින්, අනෙකුත් රියදුරන්ට සහාය වෙමින් සහ මාර්ග නීති පිළිපදිමින් රිය ධාවනය කරන ලෙස ද අවධාරණය කෙරේ.
එමෙන්ම, අනවශ්ය ලෙස ඉක්මන් නොවී, ආරක්ෂිත වේගයකින් රිය ධාවනය කරමින් මාර්ගයේ අනෙකුත් පාර්ශ්වයන්ගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් වන ලෙස රියදුරන්ට උපදෙස් දෙනු ලැබේ.














