27 April 2024
#දේශීය

තීරුබදු රහිතව මෙරටට ගෙන්වු දුම්වැටි අලෙවි කල අයෙකු තුළ අත්අඩංගුවට

මට්ටක්කුලිය, පර්ගියුෂන් පාර ප්‍රදේශයේදී පසුගිය 04 වනදා පස්වරුවේදී විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් සිදු කල වැටලිමෙන් තීරු බදු රහිතව මෙරටට ගෙන් වු දුම්වැටි 1000 ක් වෙළෙඳ සැල තුළ අලෙවි කල සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (05) මාලිඟාක්නද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇපයක් මත සැකකරු මුදා හැර තිබේ.

හෙට (07) දින නඩුව නැවත කැඳවීමට නියමිතව ඇති අතර මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *