තිස්සමහාරාම, පුස්තෝලමුල්ල ප්‍රදේශයේ කනිෂ්ඨ විද්‍යාලයක චිත්‍ර ගුරුවරයෙකු පාසල ඉදිරිපිටදී මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. වෙසක් කූඩු ඇලවීම සඳහා පාසලට ගොස් සිටි අවස්ථාවේදී ගුරුවරයා අත්අඩංගුවට ගත් අතර, ඒ වන විට ඔහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1200ක් තිබී ඇත.
මෙම සිදුවීමට අදාළව ගුරුවරයාගේ විලමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසේදී තවත් සැකකරුවන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 102ක් සහ හෙරොයින් ග්‍රෑම් 50ක් සමඟ පොලිස් අත්අඩංගුවට පත්විය. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම එකම පවුලේ ඥාතීන් වන අතර, ගුරුවරයා හැර අනෙක් සැකකරුවන් දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩු පහකට වැඩි ප්‍රමාණයකට ඇප මත සිටින්නන් බව පොලිසිය සඳහන් කරයි. මෙම සැකකරුවන් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘දෙහිබාලගේ’ සහෝදරයෙකු වන ‘කළුමල්ලි’ නැමැත්තා යටතේ මත්ද්‍රව්‍ය බෙදා හරින බවට තොරතුරු ලැබී ඇති අතර, තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් මෙම වැටලීම සිදුකර තිබේ.
















