ශ්රී ලංකාවේ ආරුගම්බේ වෙරළ තීරය, ආසියාවේ ආකර්ෂණීයම සහ හොඳම වෙරළ තීරය බවට පත්ව තිබේ.
2026 වර්ෂය සඳහා ‘කොන්ඩේනාස්ට් ට්රැවලර් රීඩර්ස්’ ආයතනය විසින් ප්රකාශයට පත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආරුගම්බේ වෙරළ තීරය එහි පෙරමුණ ගෙන ඇති අතර, සර්ෆින් ක්රීඩාව සඳහා ලොව ප්රසිද්ධම ගමනාන්තයක් වීම මෙලෙස ප්රමුඛස්ථානය හිමිවීමට ප්රධාන හේතුව වී ඇත. මීට අමතරව, මෙහිදී ශ්රී ලංකාවේ තවත් වෙරළ තීරයන් 3ක් ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් 20 අතරට පත්ව තිබීම විශේෂත්වයකි.
ඒ අනුව බෙන්තොට වෙරළ තීරය 9 වන ස්ථානයටත්, තංගල්ල වෙරළ තීරය 14 වන ස්ථානයටත්, මීගමුව වෙරළ තීරය 19 වන ස්ථානයටත් පත්ව ඇති බව වාර්තා වේ.
















