මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය මේ මස 30 වන දින දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
මෙම නඩුව අද (15) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුව ඇත.
















