චීනයේ යුන්නාන් ප්‍රදේශයේ ආණ්ඩුකාර සහ සංවිධායක කමිටුවේ සභාපති වන්ග් යුබෝ (H.E. Wang Yubo) මහතාගේ විශේෂ ආරාධනයකට අනුව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (10) කුන්මින් (Kunming) නුවර බලා පිටත්ව ගොස් තිබේ.
මෙම නිල සංචාරයේදී අමාත්‍යවරයා, චීනයේ පැවැත්වෙන “10 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය” (10th China-South Asia Exposition) සහ ඒ හා සමගාමීව පැවැත්වෙන “7 වන චීන-දකුණු ආසියානු සහයෝගිතා සංසදය” (7th China South Asia Cooperation Forum) සඳහා ශ්‍රී ලංකාව නිල වශයෙන් නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය.
“පොදු සංවර්ධනය උදෙසා සහයෝගීතාව සහ සම්බන්ධීකරණය” යන තේමාව යටතේ මෙම සමුළු පැවැත්වේ. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉදිරියට ගෙනයෑම, වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි සෘජුවම අවධානය යොමු කෙරෙනු ඇත. මෙම සංචාරය අතරතුර දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද නියෝජ්‍ය අමාත්‍යවරයා එක්වීමට නියමිතව තිබේ.
















