ආරක්ෂක නියෝජ්ය අමාත්ය (විශ්රාමික) මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී සහ මාධ්ය හමුවේදී විපක්ෂය සහ විපක්ෂ නායකවරයා එල්ල කරන චෝදනාවලට ලබා දුන් සැර පිළිතුර දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්ව තිබේ.
විපක්ෂය විසින් ආණ්ඩුවේ ආරක්ෂක පිළිවෙත, හදිසි නීතිය සහ අපරාධ මර්දන නීති සම්බන්ධයෙන් සිදුකරන විවේචන අසත්ය හා දේශපාලන පටු අරමුණු මත පදනම් වූ ඒවා බව පෙන්වා දෙන අමාත්යවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු පිරිස ඉදිරිපත් කරන චෝදනාවල ඇති හිස්බව හෙළිදරව් කර ඇත.
විශේෂයෙන්ම, රටේ ජාතික ආරක්ෂාව, පාතාලය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා ආණ්ඩුව ගෙන යන නෛතික හා ආරක්ෂක වැඩපිළිවෙල සාක්ෂි සහිතව ඉදිරිපත් කරමින්, විපක්ෂයට තර්කානුකූලව පිළිතුරු දීමට නොහැකි වන තරමට කරුණු දැක්වීමට අමාත්යවරයා කටයුතු කළ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
විපක්ෂය විසින් නගන චෝදනාවලට අමාත්යවරයා ලබාදුන් මෙම දීර්ඝ හා කරුණු සහිත පිළිතුර හමුවේ විපක්ෂ නායකවරයාට එකතු කරගත් ලියකියවිලි දමා ගැනීමට “බෑග් එකත් මදි වන තරම්” විශාල අභියෝගයක් වී ඇති බව ප්රකාශ වේ.












