ජාතික ජන බලවේග රජය බලයට පත් වූ දා සිට ජාතික ආරක්ෂාව ඉහළ මට්ටමින් තහවුරු කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර මහතා පවසයි. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් අවස්ථාවනුකූලව යම් යම් ගැටලු මතුව තිබුණද, මේ වන විට ඒවා සමථයකට පත් කර අවසන් බවද ඒ මහතා සඳහන් කළේය.
නාවලපිටියේ පැවැති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ආසන සමුළුවකට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
තමන් පාලනය කරන්නේ ජනතා ආණ්ඩුවක් බවත්, ව්‍යවස්ථානුකූලව සහ ප්‍රතිපත්තිගරුකව කටයුතු කරන බවත් ඔහු පැවැසීය. විපක්ෂය සෑම අවස්ථාවකම ආණ්ඩුවේ සාර්ථක වැඩපිළිවෙළට විරුද්ධ වන බවත්, බන්ධනාගාර කොමසාරිස්වරයා පත් කිරීම සහ බෝගම්බර බන්ධනාගාරය යළි පිහිටුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉදිරියේදී කරුණු පැහැදිලි කරනු ඇති බවත් ඔහු සඳහන් කළේය. මීගමුව බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුවන බැවින් ඒ පිළිබඳ අදහස් දැක්වීම සුදුසු නොවන බවද නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
එම සමුළුවේදී අදහස් දැක්වූ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී අනුෂ්කා තිලකරත්න මහත්මිය, විපක්ෂය විසින් අධිකරණ ඇමැතිවරයාට එරෙහිව ගෙන එන විශ්වාසභංගය පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කළේ ආණ්ඩුවේ නොව විශ්වාසය බංග වී ඇත්තේ විපක්ෂයේ බවයි. එය ආණ්ඩුවට අභියෝගයක් නොවන බවත් ජනතාව තවමත් ආණ්ඩුව සමඟ එක්ව සිටින බවත් මන්ත්‍රිනීවරිය වැඩිදුරටත් කියා සිටියාය.
















