27 April 2024
#Uncategorised

අරුණ පත්තරේ බොරු ….. ජනාධිපති ලේකම් පොලිස්පතිට දැනුම් දෙයි

ඉන්දියානු පොහොරවලට ගෙවන්න කෝටි 29ක් පුද්ගලික ගිණුමකට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර බලපෑම් කරලා” මැයෙන් “සති අග අරුණ” පුවත්පතේ පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සාවද්‍ය, අසත්‍ය සහ ද්වේශ සහගත ප්‍රවෘත්තියක් බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.

මෙම පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව කැඳවා විධිමත් පුළුල් පරීක්ෂණයක් වහාම පවත්වන්නැයි ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ .

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *