27 April 2024
#දේශීය

මෙරට චීන තානාපති විපක්ෂනායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් අද (22) සිදුවිය. ඒ, කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ය.

දෙරට අතර අන්‍යොන්‍ය සහයෝගිතාවය පිලිබදව මෙහිදී අවධානය යොමු කළ අතර ශ්‍රීලංකාවේ ස්වරීත්වය සුරක්ෂිත කෙරෙන මිත්‍රශීලී ද්වීපාර්ශවීය සබදතාවයෙහි වැදගත්කම විපක්ෂවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ දියුණුව සහ අභිවෘද්ධිය වෙනුවෙන් ද මෙරට මුහුණ දී සිටින වත්මන් ණය අර්බුදය කළමනාකරණය කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් විපක්ෂනායකවරයා ඉල්ලා සිටියේය.

දෙරට අතර පවත්නා දීර්ඝකාලීන සබදතාවය පිළිබඳව සිහිපත් කළ චීන තානාපතිවරයා එහි වැදගත්කම ද අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *