හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරේන්ද්‍ර සෙවාග්ගේ පුත්‍රයා වන ආර්යවීර් සෙවාග්, 2026–27 දේශීය ක්‍රිකට් තරග වාරයේ විනූ මන්කාඩ් කුසලාන එක්දින තරගාවලිය සඳහා දිල්ලි වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස පත් කර තිබේ. ඔහුගේ වයස අවුරුදු 18කි.
ආර්යවීර් මෑතකදී ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ඕස්ට්‍රේලියා U-19 කණ්ඩායමට එරෙහි තරග තුනක යොවුන් එක්දින තරගාවලියට එක්වී ඇති අතර, එම තරග තුනේදී ලකුණු 28ක්, 47ක් සහ 34ක් රැස් කර තිබේ. ඉන්දියාව එම තරගාවලිය 3–0ක් ලෙස ජයගෙන ඇත.
2024 වසරේ කූච් බිහාර් කුසලාන තරගාවලියේදී මේඝාලයට එරෙහිව දිල්ලිය වෙනුවෙන් ලකුණු 297ක් රැස් කිරීමද ආර්යවීර්ගේ කැපී පෙනෙන දස්කමක් ලෙස වාර්තා වී තිබේ.














