• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දේශපාලන පක්ෂයක් හැටියට අපේ පක්ෂය ඉතිහාසගතවෙලා ඉවරයි – මහලේකම් සාගර

30 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කැරළිවලට මුහුණදී පලපුරුද්දක් ඇති, එවැනි දේ පිළිබඳව බහුල අත්දැකීමක් තිබෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බවට පත්කිරීමෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට අපට අවස්ථාව ලැබුණු බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා, “නිදහසෙන් පසු ශ්‍රී ලංකාවේ වැඩිම කැපකිරීම් කරපු දේශපාලන පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ. අපි 69 ලක්ෂයක ජනවරමක් එක්ක ජනාධිපතිවරයෙක් බිහි කෙරුවා. ඒ වගේම අපි 2/3 ක පාර්ලිමේන්තු බලය මේ රටේ ජනතාව අපිට ලබාදුන්නා. ඒ බලය ලබාගැනීමත් සමඟම අපි සහ මුළු ලෝකයටම මුහුණදෙන්න සිදුවුණේ කවුරුත් බලාපොරොත්තු නොවු අර්බුදයකටයි. කොවිඩ් අර්බුදය මුළු ලෝකයම වෙලා ගනිද්දි අපිට සිදුවුණා මේ රට දිගින් දිගටම වහලා තියන්න. මේ රට වැහුව්වේ අපි කැමැත්තෙන් නොවේ. මේ රටේ විවිධ පිරිස් දිගින් දිගටම මේ රට වහලා දාන්න කියලා ඉල්ලුවා. හැබැයි අපි රජයක් විදිහට මේ රටේ ජනතාවගේ ජිවිත බේරගන්න මේ රට වසර දෙකකට ආසන්න කාලයක් රට වහලා අපේ ජනතාවට කන්න බොන්න දිලා මේ රටේ ජනතාව නොමිලේ එන්නත් කරලා ඔවුන්ගේ ජිවිත බේරගන්න කටයුතු කළා. පහුගිය කාලයේ මේ රටේ විධායක ජනාධිපතිවරුන් ඔවුන්ට විරුද්ධව මහජනතාව නැගිසිටියාම ඒ මහජනතාව මැඩලන්න විවිධ අයුරින් කටයුතු කළා. නමුත් අපි කියන්න ආඩම්බරයි අපේ හිටපු ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් එතුමා මේ රටේ කිසිම තරුණ ජිවිතයක් නැති කරන්නේ නැතිව එතුමා ජනාධිපතිධූරය අතහැරියා. ඒ වගේ කැපකිරීමක් ලංකා ඉතිහාසයේ කිසිම දේශපාලන පක්ෂයක් කරලා නැහැ. ඒ විතරක් නොවේ ජනාධිපතිවරයා තෝරන අවස්ථාවේදී මේ රටේ විවිධ පක්ෂවලින් අදහස් උදහස් ඉදිරිපත් වෙද්දි අපි ඒ අවස්ථාවේ බැලුවේ මේ රටේ නැතිවී තිබෙන නීතියේ අධිපාත්‍ය නැවත ස්ථාපනය කළ හැක්කේ කාටද කියන කාරණයයි. ඒ අවස්ථාවේ අපි පක්ෂයක් හැටියට තීරණය කළා මෙවැනි කැරළිවලට මුහුණදිලා පලපුරුද්දක් තිබෙන, මෙවැනි දේ පිළිබඳව බහුල අත්දැකීමක් තිබෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ අවස්ථාවේදී ජනාධිපතිවරයා බවට පත්කිරීමෙන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න අපිට අවස්ථාව ලැබෙයි කියලා. ඒ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමි පක්ෂය උත්සහ කළේ ඔවුන්ට කවදාවත් මහජන ඡන්දයකින් ලබාගන්න බැරි බලය මේ රටේ ලේ වැගිරීමකින්, ත්‍රස්තවාදයකින් ලබාගන්න. එයට විරුද්ධව අපි පක්ෂයක් හැටියට ලොකු කැපකිරීමක් කරලා ඒ අවස්ථාවේදී ඒ දේ සිදුකළ හැකි නායකයා හැටියට අපි මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කළා. එයත් අපි ගත්ත නිවැරදි තීන්දූවක් සහ මහා විශාල කැපකිරීමක්. අපි කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඒ අවස්ථාවේදී අපේ පක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු නොකළ බොහෝ දෙනෙක්ට කැබිනට් අමාත්‍යධුර ලබාදීමේදී අපි ඒ සම්බන්ධයෙනුත් විරෝධය පල කළේ නැහැ. අපි විශ්වාස කළා මේ රට වෙනුවෙන්, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්, ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් අපි පක්ෂයක් විදිහට ඒ කැපකිරීම කළා. මේ රටේ ඉතිහාසසය තුළ වැඩිම කැපවීමක් කළ දේශපාලන පක්ෂයක් හැටියට අපේ පක්ෂය ඉතිහාසගතවෙලා ඉවරයි. ඔය කවුරු මොනවා කිව්වත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රටේ ජනාධිපතිතුමා හැටියට එතුමා දන්නවා එතුමා 49 වසරක් තිස්සේ මේ රටේ ජනාධිපතිධූරය දරාගන්න බොහෝ උත්සහ දැරුවත් එතුමාට ඒ ජනාධිපතිධූරය ලබාගන්න ඒ අවශ්‍ය පසුබිම සකස් කරගන්න ශක්තිය ලබාදුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. එතුමා ඒ පිළිබඳව දැනුවත් කියන කාරණය සම්බන්ධයෙන් අපි විශ්වාස කරනවා. අපි එක් එක් පුද්ගලයින් කියන කාරණාවලට උත්තර දෙන්න යන්නේ නැහැ. අපේ කාරණය අපි ජනාධිපතිතුමා සමඟ විසදගන්නම්. අපේ පක්ෂයේ 07 වෙනි සංවත්සරය සමරනවා නොවැම්බර් 03 දා පිරිත් දේශනයක් පවත්වලා. ලංකාවේ මෙතෙක් මුහුණදුන් හැම මැතිවරණයක්ම ජයග්‍රහණය කළ එකම පක්ෂය හැටියට තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. ඒ වගේම ඉදිරියටත් එසේ සිදුවෙනවා. නිදහසින් පසු මේ රටේ සියලු ජාත්‍යන්තර සහ දේශීය දර්ශක ඉහළ නංවමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය බිහිකළේ අපේ පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාගේ මහින්ද චින්තනය කියන දර්ශනය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව තබලා තිබෙන විශ්වාසය කෙරෙහි අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ වගේම අදටත් අපි පක්ෂයක් හැටියට ඈත ගම්වල අපේ දේශපාලන කටයුතු කරද්දි සමාජ මාධ්‍යවල කුමණ කාරණා කිව්වත් ගමේ ජනතාව අපිට ඒ දෙන සහයෝගය, අපේ පක්ෂයට ලබාදෙන ශක්තිය අපි දැඩිව විශ්වාස කරනවා. ඊළඟට පවත්වන ඕනෑම මැතිවරණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත හැකියි. ඒ නිසා අපිට මොන තර්ජන තිබුණත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ඡන්දවලට බය නැහැ. අපි හැමදාම මේ රටේ වැඩිපුර මැතිවරණ පැවැත්තුවා කියන චෝදනාවලට ලක්වුවා මිසක් කවදාවත් මැතිවරණ කල්දැමුවා හෝ මැතිවරණවලට බයේ පැනගියා කියලා චෝදනා ලබපු පක්ෂයක් නොවේ. අපි අදටත් ඉතාම ආඩම්බරයෙන් කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ පක්ෂයක් විදිහට ඉතාම ශක්තිමව තිබෙනවා. ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට කිසිම පැකලීමක් නැතිව සූදානමින් ඉන්නවා කියලා මේ රටේ ජනතාවෙට විශ්වාසයෙන් කියනවා. ”යනුවෙන් මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 0
Previous Post

මාලිමාවේ ආණ්ඩුවක් යටතේ ජනතාවට ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය අත්කර දෙනවා – අනුර දිසානායක

Next Post

2024 අයවැයෙන් ජනතාවට සහනයක් ලැබේදැයි විශ්වාසයක් නෑ – මන්ත්‍රී තිස්ස

editor

editor

Next Post

2024 අයවැයෙන් ජනතාවට සහනයක් ලැබේදැයි විශ්වාසයක් නෑ - මන්ත්‍රී තිස්ස

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved