ගිනිකොනදිග ආසියාතික රටවල සංගමය (ASEAN) සහ ඉන්දියාව අතර පවතින දීර්ඝකාලීන උපායමාර්ගික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත්, කලාපීය ස්ථාවරත්වය වෙනුවෙන් සබඳතා ශක්තිමත් කිරීමටත් දෙපාර්ශවයම එකඟතාව පළ කර තිබේ.
පිලිපීනයේ පැවැත්වෙන ආසියාන් සංවිධානයේ රටවල විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව පැවති නිල සාකච්ඡා වටයකදී මෙම තීරණයට එළැඹ ඇත. වෙළඳ සහ ආර්ථික සහයෝගීතාව නංවාලීම, සාගර ආරක්ෂාව, ඩිජිටල් තාක්ෂණය, සයිබර් ආරක්ෂාව සහ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා වී තිබේ. ඉන්දියාවේ ‘Act East’ ප්‍රතිපත්තිය සහ ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් සංකල්පය පෙරදැරි කරගනිමින්, නිදහස් හා නීතිය මත පදනම් වූ කලාපයක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද දෙපාර්ශවය පෙන්වා දී ඇත.














