පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීමෙන් අනතුරුව උන්වහන්සේගේ සිවුරු ඉවත් කර ගිහි ඇඳුමින් සැරසී අධිකරණයට ඉදිරිපත් කිරීමේ තීන්දුව සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ බරපතළ නීතිමය ගැටලු මතු කර තිබේ.
අධිකරණ තීන්දුවට ගරු කරන බව ප්‍රකාශ කළ ද, බන්ධනාගාර ආඥා පනතේ අදාළ විධිවිධානවලට අනුකූලව මෙම ක්‍රියාපටිපාටිය සිදුවී ඇද්ද යන්න පිළිබඳව අස්ගිරි පාර්ශ්වය ප්‍රශ්න කර ඇත. බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට සම්බන්ධ කාරණාවලදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට හිමිව ඇති තත්ත්වය, සාම්ප්‍රදායික චාරිත්‍රානුකූල නීති සහ පුරාණ නීති පද්ධති සැලකිල්ලට ගත යුතු බව ඔවුන් පෙන්වා දෙයි. බෞද්ධ ශාසනයට අහිතකර පූර්වාදර්ශයක් විය හැකි මෙම සිදුවීම සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශ්වය ඉදිරි ක්‍රියාමාර්ග අධ්‍යයනය කරමින් සිටින අතර, අවශ්‍ය වුවහොත් උන්වහන්සේ නැවත පැවිදි කිරීමේ හැකියාවද සලකා බලමින් සිටින බව පවසා තිබේ.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















