විරුද්ධවාදීන් මර්දනය කිරීමෙන් රජයට සාර්ථකව දේශපාලනයේ යෙදීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විරුද්ධවාදීන් මර්දනය කිරීම හරහා රජය උත්සාහ කරන්නේ රටේ පවතින සැබෑ ගැටලු යටපත් කිරීමට බව හෙතෙම පෙන්වා දුන්නේය. රජය සිතන්නේ විරුද්ධවාදීන් මර්දනය කිරීමෙන් සාර්ථක දේශපාලනයක් කළ හැකි බව නම්, එය සම්පූර්ණ වැරදි වැටහීමක් බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















