වෙසක් පොහොය නිමිති කරගෙන කොළඹ මහ නගර සභාව මඟින් සංවිධානය කරන ලද යාචක සහන සත්කාරක සේවා පිංකමක් කොළඹ විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේදී පවත්වනු ලැබීය. එහිදී මහජන සෞඛ්‍ය හෙද කළමනාකරණ දායකත්වය මඟින් සම්පූර්ණ හෙද සත්කාරය ලබාදීම විශේෂත්වයක් වූ අතර, එම කටයුත්තේ නිරත වන හෙද සොයුරියක වන නදී මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.
















