මහනුවර ඓතිහාසික අස්ගිරි මහා විහාරයීය මහ පිරිවෙන සංවිධානය කළ 2026 ‘සංජානනී’ ශිෂ්ය සාහිත්ය හා කලා මහෝත්සවය අස්ගිරි මහ පිරිවෙන් පරිශ්රයේදී පැවැත්වී තිබේ.
අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්රී ඥානරතන හිමියන්, අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් සහ අනුනායක නාරම්පනාවේ ආනන්ද හිමියන්ගේ ප්රධානත්වයෙන් පැවති උත්සවයට මධ්යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු මහතා ඇතුළු ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.
එහිදී ධර්ම කථිකත්වය, සාහිත්යය, ගද්ය හා පද්ය ඇතුළු අංශවලින් දක්ෂතා දැක්වූ ශිෂ්ය භික්ෂූන් වහන්සේලාට කුසලතා සම්මාන සහ සහතික පිරිනමා තිබේ.
මෙම සාහිත්ය හා කලා මහෝත්සවයට දිවයිනේ විවිධ ප්රදේශ නියෝජනය කරමින් කලා ශිල්පීන්, කථිකයන්, දේශකයන් සහ විද්වතුන් රැසක් ද සහභාගි වූ බව වාර්තා වේ.
















