දරුවන් නිවැරදිව තේරුම් ගැනීමට නම් ඔවුන්ගේ මානසික මට්ටමෙන් සිතීමට වැඩිහිටියන් පුරුදු විය යුතු බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
දරුවන් සහ වැඩිහිටියන් අතර පවතින පරතරය අවම කර ගැනීම සඳහා දෙපාර්ශ්වය අතර හොඳ සන්නිවේදනයක් පවත්වා ගැනීම අත්යවශ්ය බව ද ඇය අවධාරණය කළාය.
ලෝක ළමා දිනය වෙනුවෙන් අග්රාමාත්ය කාර්යාලයීය සුබසාධක සංගමය සංවිධානය කළ ළමා දින සැමරුම් උත්සවය අමතමින් අග්රාමාත්යවරිය මේ බව සඳහන් කළේ ඔක්තෝබර් 11 වැනිදා අරලියගහ මන්දිරයේදීය.
වර්තමාන දරුවන් තාක්ෂණය පිළිබඳ වැඩි දැනුමක් සහිත පිරිසක් බව පෙන්වා දුන් අග්රාමාත්යවරිය, ඔවුන්ගේ අදහස් සහ අවශ්යතා තේරුම් ගනිමින් සමීප සන්නිවේදනයක් පවත්වා ගැනීම දෙමාපියන් ඇතුළු වැඩිහිටියන්ගේ වගකීමක් බව ද පැවසුවාය.
මෙම අවස්ථාවට අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රී මහතා, අග්රාමාත්ය කාර්යාලයීය සුබසාධක සංගමයේ සභාපතිනි වත්සලා ආටිගල මහත්මිය ඇතුළු නිලධාරීන්, සංගමයේ සාමාජිකයන් සහ දරුදැරියෝ එක්ව සිටියහ.














