ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එල්ල කර ඇති නාවික නාගරික සම්බාධක සහ සෙසු පාර්ශ්වයන්ට එරෙහි සම්බාධක හමුවේ ඉරානයේ ආර්ථිකය තවදුරටත් දරාගත නොහැකි මට්ටමකට කඩාවැටෙමින් පවතින බව ඉරාන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් උපුටා දක්වමින් Reuters පුවත් සේවය වාර්තා කරයි.
Kpler දත්තවලට අනුව, වසරකට පෙර දිනකට බොරතෙල් බරල් මිලියන 1.7ක් ලෙස පැවැති ඉරාන තෙල් අපනයනය මේ වන විට දිනකට බරල් 260,000 දක්වා දැවැන්ත ලෙස කඩාවැටී ඇත. මීට අමතරව ඉරාන රියාල් මුදලේ අගය ඇමෙරිකානු ඩොලරයකට රියාල් මිලියන 2.2 සීමාව ඉක්මවා යමින් වාර්තාගත ලෙස පහත බැස ඇති අතර, උද්ධමනය 70% ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් තිබේ. දේශීය පිරිපහදු ධාරිතාවේ පවතින හිඟතාව හේතුවෙන් ඉන්ධන ආනයනය කිරීමට සිදුව ඇති පසුබිමක, රට තුළ පවතින්නේ තවත් මාස 2කට පමණක් ප්‍රමාණවත් පෙට්‍රල් සංචිත පමණක් බවද ජ්‍යෙෂ්ඨ ඉරාන ආරංචි මාර්ග තහවුරු කරයි.














