විශ්‍රාම ගිය හමුදා බුද්ධි ප්‍රධානියෙකු සන්තකයේ තවමත් රටේ අනාගත සංවේදී සහ බුද්ධි තොරතුරු පවතින්නේ නම් එය බරපතළ ගැටලුවක් බව අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා පවසයි. හිටපු හමුදා බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙමඟින් අපේ රට කොපමණ අවදානමකද තිබී ඇත්තේ යන්න පැහැදිලි වන බවත්, දයාසිරි ජයසේකර වැනි මන්ත්‍රීවරුන් පවා දැන් ඒ බව පිළිගත යුතු බවත්ය.
හමුදා නිලධාරියෙකු ලෙස හමුදා විනය පිළිබඳව හොඳින්ම දන්නා සලේ මහතාගෙන්, තමන්ගේ ජංගම දුරකතනය සහ ලැප්ටොප් යන්ත්‍රයේ මුරපද (Passwords) ලබාදීමට බිය නොවන්නැයි ඔහු ඉල්ලා සිටියි. ඔහු කට ඇරියහොත් ඊට පිටුපසින් තිබෙන දේශපාලන හස්තය මෙන්ම, පාස්කු ප්‍රහාරය විසින් බලයට පත් කරනු ලැබූ මිනිසුන්ගේ සැබෑ දේශපාලන අරමුණු සියල්ල රටටම හෙළිදරව් වනු ඇති බවද අසිත නිරෝෂණ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















