27 April 2024
#දේශීය

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරින් වෙනත් ආයතනවලට අනුයුක්ත කරන්න – ඇමැති අමරවීර

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක මාණ්ඩලික නිලධාරින් සියලු දෙනා කඩිනමින් වෙනත් ආයතන වෙත අනුයුක්ත කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.

විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැඳෙමින් කටයුතු කරන අතිරේක ලේකම්වරියක් ඇතුලු අංශ ගණනාවක නිලධාරින් වෙනත් ආයතන සඳහා අනුයුක්ත කිරීමට නියමිතය.

මේ වනවිට කෘෂිකර්ම අමාත්‍යාංශය යනු එක් කැබිනට් අමාත්‍යවරයෙක් හා රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් මෙන්ම එකම ලේකම්වරයෙක් යටතේ පාලනය වන අමාත්‍යාංශයකි.

නමුත් මීට කළින් පැවැති ආකාරය අනුව පොහොර රාජ්‍ය අමාත්‍යාංශය, පශු සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය වශයෙන් පැවතුන අතර වර්තමානයේ තනි අමාත්‍යාංශයක් ලෙස පැවතියත් තවමත් මින් පෙර පැවැති ආකාරයටම අමාත්‍යාංශ සදහා වෙනම ම පත් කළ නිලධාරින් සේවයේ යෙදී සිටිති.

Leave a comment

Your email address will not be published. Required fields are marked *