27 April 2024
#දේශීය

ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා නිවැරැදි තොරතුරු පමණක් ලබා දෙන්න -රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

සුබ සාධන ප්‍රතිලාභ ලබා දීමේ කඩිනම් වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ දී 100% නිවැරදි තොරතුරු ලබා දීම ප්‍රතිලාභ අපේක්ෂා කරන්නන්ගේ වගකීමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ හිතාමතා සාවද්‍ය තොරතුරු ලබා දීම නීතිමය පියවර ගත හැකි වරදක් බවයි.

ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණෙන් මේ වන විට පවුල් ලක්ෂ 37ක් තොරතුරු ලබා දීම සිදු කර ඇති අතර ඒවා ජාලගත කිරීමේ කටයුතු සිදු වෙමින් පවතී. මෙම තොරතුරු තහවුරු කර ගැනීමේ කටයුතු ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂිත අතර ඒ වෙනුවෙන් නිලධාරීන් පුහුණු කිරීම සිදු කෙරේ.

2023 වසරේ දී මෙම සුබ සාධන වැඩපිළිවෙළ සඳහා රුපියල් බිලියන 187ක් වෙන් කර තිබේ. මෙම වෙන් කර ඇති මුදල දැනටමත් ගෙවනු ලබන සුබසාධන ගෙවීම් වලට අමතරවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *