• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට සහාය වනවා – ඕමාන තානාපති ජනපතිට කියයි

1 July 2022
in දේශීය

ඉන්ධන, ගෑස්, බලශක්ති, රැකියා සහ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් දෙරට අතර ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කර ගැනීමට සහාය වන බව ඕමාන තානාපති අහමඩ් අලි සයීඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) පවසයි.

සේවය අවසන් කර දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ඕමාන තානාපතිවරයා අද (01) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙමින් මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලාංකිකයන් 25,000ක පමණ පිරිසක් මේ වන විට ඕමානයේ රැකියාවන්හි නිරතව සිටිති. පුහුණු ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා වැඩිකර ගැනීමට ද සහාය වන ලෙස ජනාධිපතිවරයා තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

සයීඩ් අල් රෂ්ඩ් මහතාගේ වසර 08ක සේවා කාලය තුළ ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා මෙරට වෙළෙඳ සහ ආයේජන අවස්ථා සඳහා ඇති පුළුල් අවකාශය පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

තමා ඕමාන විදේශ අමාත්‍යාංශයේ සේවයට වාර්තා කිරීමට යෝජිත අතර දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට එහි සිට ද කටයුතු කරන බව රෂ්ඩ් මහතා ජනාධිපතිවරයා සමග සඳහන් කළේය.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

Post Views: 20
Previous Post

හදිසි විදුලි බිඳවැ‍ටුම් යථා තත්ත්වයට ප්‍රමාද විය හැකියි – ලංවීම

Next Post

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී අත්අඩංගුවට

editor

editor

Next Post

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් කල්පිටියේදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved