අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ අප්‍රේල් මාසයට අදාළ වැඩිහිටි දීමනා හෙට (අප්‍රේල් 22) දින බැංකු වෙත යොමු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර තිබේ.
මෙම මුදල් ප්‍රතිපාදන යටතේ අදියර දෙකක් ඔස්සේ ප්‍රතිලාභීන් සඳහා මුදල් බැර කෙරෙන අතර පළමු අදියර යටතේ වයස අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනෙකු සඳහාත්, දෙවන අදියර යටතේ වැඩිහිටියන් 72,525 දෙනෙකු සඳහාත් මුදල් වෙන් කර ඇත. අදාළ ප්‍රතිලාභීන්ට තමන්ගේ අස්වැසුම ගිණුම් හරහා හෙට සිට මෙම දීමනාව ලබාගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.














