වෙසක් උත්සවය වෙනුවෙන් තම ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
අලුත් අවුරුදු කාලසටහනට අනුව සියලුම පළාත් ආවරණය වන පරිදි කොළඹ කොටුවෙන් බස් රථ ධාවනය සඳහා යොදවා ඇත. කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙසක් කලාප කේන්ද්‍ර කර ගනිමින්ද ප්‍රවාහන සේවා සංවිධානය කර ඇත. වෙසක් උත්සවය අවසානයේ යළි ගම්බිම්වල සිට කොළඹ බලා පැමිණෙන ජනතාව සඳහා අමතර බස් රථ යෙදවීමට සැලසුම් කර ඇත. වෙසක් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්ද ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
















