අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ අප්‍රේල් මාසයට අදාළ ගෙවීම් හෙට (22) දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
අස්වැසුම පළමු අදියර යටතේ වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 617,406 දෙනෙකු සඳහා රුපියල් බිලියන 3.08කට අධික මුදලක් වෙන් කර ඇත. මීට අමතරව දෙවන අදියරේ ප්‍රතිලාභ හිමි අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 72,525 දෙනෙකු සඳහා රුපියල් මිලියන 362කට අධික මුදලක් ගෙවීමට නියමිතය.
ඒ අනුව ප්‍රතිලාභීන්ට හෙට දිනයේ සිට තම බැංකු ගිණුම් හරහා මෙම දීමනා ලබාගත හැකි වනු ඇත.














