දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (21) පස්වරුවේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු මැද, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම මන්නාරම, වවුනියාව, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලට අද පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකිය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා එළිමහන් ස්ථානවල හෝ ගස් යට රැඳී සිටීමෙන් වළකින ලෙසත්, විද්‍යුත් උපකරණ භාවිතයේදී සැලකිලිමත් වන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි. යම් හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් වහාම ප්‍රාදේශීය ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ සහය ලබා ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.














