මාතලේ වරකාමුර ප්‍රදේශයේ දි වැඩි මිලට ඉන්ධන ගබඩා කර තිබු බව කියන ස්ථානයක් වැටලිමට ගිය පොලිස් නිලධාරින්ට බාධා කරමින් ප්‍රදේශයේ කලහකාරි ලෙස හැසිරුණු පුද්ගලයින් හයදෙනෙකු 04දා අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.
ඉකුත්දා ප්‍රදේශයේ වැඩිමිලට ඉන්ධන විකුණන බවට ලැබුණු තොරතුරක් අනුව මාතලේ මුලස්ථාන පොලිසිියේ නිලධාරින් පිරිසක් එම ස්ථානය වැටලිමට ගිය අවස්ථාවේදි එම ස්ථානයේ තිබු පෙට්ට්‍රල් ඇතුලු ඉන්ධන තිබි ඇති බවත් පරික්ෂන සිදු කරන අවස්ථාවේදි එක් පුද්ගලයකු විසින් පෙට්ට්‍රල් බෝතලයක් කඩා විසිකර ඇති අතර තවත් අයෙකු විසින් ගිනි තබා ඇති බවත් එහිදි ඇති වු ගින්නෙන් පුද්ගලයකුගේ පාදයට ගිනි ගෙන ඇති බවත් ඔහු තුවාල ලබා ඇති බවද පොලිසිය කියයි.
සිද්ධීය සම්බන්ධයෙන් මාතලේ මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප එස්.පි.එම් තිලකවර්ධන මහතා ඇතුලු නිලධාරින් විසින් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කර පුළුල් පරික්ෂණයෙන් පසුව පුද්ගලයින් හයදෙනෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය කියයි.
ගැනි ගැනිම් හේතුවෙන් ඉන්ධන ගබඩා කර තිබු ප්‍රදේශයේ ගිනි ගැනිම හේතුවෙන් විනාශ වි ඇති බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරහෙිව අයතු ජනරාශිය,අඩත්තේටම් කිරිම්,සාපරාධි බියගැන්විම්,මනුශ්‍ය ඝාතනයට තැත් කිරිම්,පොදුදේපල ඇතුලු චෝදනා රැසක් යටතේ අධිකරණයේ නඩු පවරන බවද පොලිසිය කියයි.
සැකකරුවන් මාතලේ මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් වංශනාථ මහතාගේ මෙහෙයවිම මත මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් ගුණවර්ධන මහතාගේ අධික්ෂණයෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එස්.පි.එම් තිලකවර්ධන,උ.පො.ප ඇනස්ලි රේමන්,උ.පො.ප ඩබ්.ජි ඒකනායක,පො.සැ 6922 බණ්ඩාරනායක,පො.සැ 45396 විපුල,පො.සැ 36705 විජේතුංග,පො.කො 66784 කරුණාරත්න යන නිලධාරින් මෙම පරික්ෂණය පැවැත්වුහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න