27 April 2024
#දේශීය

එලැඹෙන සතියේද පාසල් නිවාඩුයි – අධ්‍යාපන අමාත්‍යංශය

2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් සමඟ Zoom තාක්ෂණය ඔස්සේ අද(03) දින පැවැත්වූ සාකච්ඡාවේ දී, පසුගිය සති දෙක තුළ පාසල් වල විදුහල්පතිවරු, ගුරුවරු හා සිසුන්ගේ පැමිණිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඉන්ධන බෙදාහැරීම පිළිබද දැනුම්දීම් ද සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.

මෙම සතිය තුළ දී අහිමි වන පාසල් කාලය ඉදිරි පාසල් නිවාඩු වාරයේ දී ආවරණය කිරීමට කටයුතු කරනු ලැබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *