27 April 2024
#දේශීය #පුවත්

බංකොලොත් භාවයෙන් අසරණ වෙලා ඉන්න මොහොතක රජය අධික බදු බරක් පටවලා – විපක්ෂ නායක සජිත්

බංකොලොත් භාවයෙන් අසරණ වෙලා ඉන්න මොහොතක රජය අධික බදු බරක් පටවලා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (15) තෛපොංගල් උත්සවය නිමිත්තෙන් විපක්ෂ නායක කාර්‍යාලයේදී පැවැති උත්සවයට එක්වෙමිනි.

උතුරේත් දකුනේත් නැගෙනහිරත් බටහිරත් වෙසෙන සිංහල, දමිළ, මුස්ලිම් බර්ගර් ඇතුළු සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව රටේ පවතින බංකොලොත්භාවය නිසා දැඩි ලෙස අසරණ වී ඇති බවත් කෘෂිකර්මාන්තය මත පදනම් වූ ස්වයංපෝෂිත ජීවන රටාවක් පැවැති අප රට මේ ආකාරයෙන් දැඩි බංකොලොත් භාවයකට පත් වූයේ පැවැති රජයේ අදුරදර්ශී සහ අත්තනෝමතික පාලනය නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එකී බංකොලොත්භාවයෙන් බැට කන ජනතාව කබලෙන් ලිපට ඇද දමීමට වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය හේතු වු බව හෙතෙම පැවසීය.

තෛපොංගල් උත්සවය සමරන මේ මොහොතේ පවා කෘෂිකාර්මික නිෂ්පාදන සදහා පවා බදු අය කර ඇති බවත් මේ නිසා සහල් ඇතුලු එලවලු මිල අධික ලෙස ඉහල ගොස් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවන් තත්ත්වයක් තුල අප රටක් ලෙස තවදුරටත් බලා සිටිනවාද නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නැගී සිටිනවාද යන්න ජනතාව තීන්දු කල යුතු බවත් එම යහපත් අරමුණ වෙනුවෙන් නැගී සිටිමට ධෛර්ය ශක්තිය ලැබේවා යනුවෙන් ප්‍රාර්ථනා කර සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *