27 July 2024
#පුවත් #සංවර්ධන

මෙවර අඹ අස්වැන්න වාර්තාගත අයුරින් ඉහළට – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

2023 වර්ෂයේ පැවැති දීර්ඝ කාලීන වියලි කාලගුණය මෙන්ම ඉන්පසු ඇතිවු වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය අඹ අස්වැන්න ඉහළ ගොස් ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා තවදුරටත් මෙරට අඹ වගාව ව්‍යාප්ත කිරීමට අවශ්‍යදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් විමසනු ලැබීය.

මේ වනවිට දිවයින පුරා අක්කර දහස් ගණනක අඹ වගා කරන අතර විශේෂයෙන් අපනයනය ඉළක්ක කර ගනිමින් වගා කරන TEJC අඹ ප්‍රභේදය අසීමාන්තිකව වගා කිරීම තුළ ඒ සඳහා ඇති මිල පහළයාම මගින් නිෂ්පාදනය අඩාල වියහැකි බව ද මෙහිදී අවධාරණය විය.

එමනිසා අඹ වගාව තවදුරටත් ව්‍යාප්ත කළ යුතු ද යන්න සම්බන්ධව තමන්ට විද්‍යාත්මක වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ඇති පශ්චාත් අස්වනු තාක්ෂණ ආයතනයේ දත්ත අනුව සාමාන්‍යයෙන් මෙරට වගා කෙරෙන සියලුම අඹ ප්‍රබේදවල වාර්ෂික අඹ අස්වැන්න ගෙඩි මිලියන 250ක් පමණ වේ. නමුත් 2023/24 අඹ වාරය තුළ එම ප්‍රමාණය ඉක්මවා ගිය අස්වැන්නක් ලැබී ඇතැයි දැනට සිදු කර තිබෙන දත්ත එක්රැස් කිරීම් මගින් තහවුරු වී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

මේ නිසා මින් පෙර කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 800ත් 1000ත් අතර මට්ටමක පෑවති TEJC අඹ මේ වනවිට වෙළෙද පොලේ කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 400-500 අතර මිලක් දක්වා දක්වා පහත වැටී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *