27 April 2024
#ක්‍රීඩා

බැසිල්ට විරුද්ධ නෑ

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ඒ, අද (28) පස්වරු 4 ට බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදීය.

16 දෙනාගේ කණ්ඩායම සහ පොදුජන පෙරමුණේ නියෝජිතයන් අතර නිල වශයෙන් මෙවැනි සාකච්ජාවක් පැවැත්වෙන්නේ පළමු වතාවටයි.

අප එම සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගෙන් කල විමසිමකදී කියා සිටියේ ආණ්ඩුව පරාජය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වෙන බවයි.

පොදුජන පෙරමුණ සමඟ එක්ව එම වැඩපිළිවෙල ගෙන යෑමට කටයුතු කරන බවත් බැසිල් රාජපක්ෂ මහතා සමඟ වැඩකිරීමට කිසිදු විරෝධයක් නොමැති බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් යම් යම් විවේචන තියෙන නමුත් විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කිරීමටත් ආණ්ඩුව ගෙදර යෑවීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡා කරන බව ඒකානායක මහතා අප වෙත කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *