ඇල්ජීරියාවේ සිදුවූ මගී බස් අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරින් පුද්ගලයින් 44 දෙනෙකු තුවාල ලබා ඇති බවය.
එරට ඇල්ජියර්ස් අගනුවරට නැගෙනහිරින් පිහිටි වෙරළබඩ නගරයක් වන බෝමර්ඩෙස් අසල මෙම අනතුර සිදුව ඇත. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ අගෝස්තු මාසයේදීද ඇල්ජියර්ස් අසල බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 18 දෙනෙකු මියගිය අතර, එම වසරේ දෙසැම්බර් මාසයේදී බෙචාර් හි දකුණු ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් තිබිණි. ඇල්ජීරියාවේ මාර්ග ආරක්ෂක බලධාරීන් පවසන්නේ පසුගිය වසරේ පමණක් රථවාහන අනතුරුවලින් පුද්ගලයින් 3,838 දෙනෙකු මිය ගොස් 37,000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය.
















