පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ආනයනය කළ පහත් බිම් සහිත මෙට්‍රෝ (Metro) බස් රථ 104 ක් සැප්තැම්බර් මාසයේ සිට කොළඹ නගරය ආවරණය කරමින් මගී ප්‍රවාහනයට යොදවන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම පසුබිම තුළ, ලංකා මෙට්‍රෝ බස් රථ සමාගම සඳහා බස් රථ ක්‍රියාකරුවන් (රියදුරු) රැකියා අවස්ථා සඳහා දැන් අයැදුම්පත් කැඳවනු ලැබේ. බර වාහන රියදුරු බලපත්‍රය සහ සාමාන්‍ය පෙළ සමත් වීම මූලික සුදුසුකම් ලෙස දක්වා ඇති අතර, රුපියල් 115,000 කට වැඩි වැටුපක් ලබා ගත හැකිය.
අයැදුම්පත් [email protected] ඊමේල් ලිපිනයට, 0701886886 වට්ස්අප් අංකයට හෝ මානව සම්පත් කළමනාකරු, ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් පුද්ගලික සමාගම, පර්යන්තය, 7 වන මහල, සෙත්සිරිපාය දෙවන අදියර, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ හැකිය. අයැදුම්පත් භාරගන්නා අවසාන දිනය 2026 අගෝස්තු 31 වන දින වේ.














