අත්තනගල්ල විවිධ සේවා සමුපකාර සමිතියේ 22 වැනි ග්‍රාමීය බැංකු ශාඛාව සහ එහි පළමු ඩිජිටල් ග්‍රාමීය බැංකුව වෙළෙඳ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කළගෙඩිහේන නගරයේදී විවෘත කර තිබේ.
මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය කාලය පුරා විනාශයට පත් වූ සමුපකාර ව්‍යාපාරය ජනතාවට වගකියන ආණ්ඩුවක් ලෙස යළි නඟා සිටුවීමට පියවර ගනිමින් සිටින බවයි. මීට සමගාමීව, නිට්ටඹුව නගරයේ සිරිසඳ සමුපකාර රෝහල නවීන පහසුකම් සහිතව ප්‍රතිසංස්කරණය කිරීමට අදාළ කටයුතු නිරීක්ෂණය කළ අමාත්‍යවරයා, ඊට නව ගිලන් රථයක් ලබා දීමටද කටයුතු කරන බව පැවසීය. මෙම උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම, අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන විජේසිංහ ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ සමුපකාර අංශයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















