එල් නිනෝ තත්ත්වයේ උපරිමය මේ නොවැම්බර් මාසයේ ඇතිවීමත් සමඟ, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සාමාන්‍ය ප්‍රමාණයට වඩා මෙරට වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ ගංවතුර අවදානමක් අපේක්ෂා කරන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පවසයි.
එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ලබන ජනවාරියේ සිට අප්‍රේල් දක්වා වැසි අඩුවන අතර, ලබන මාර්තු සහ අප්‍රේල් මාසවල මෙරට උෂ්ණත්වය මීට පෙර වාර්තා වූ සෙල්සියස් අංශක 40.1 ඉක්මවා යාමේ හැකියාවක් පවතියි. මේ අතර, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ.
වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 25,600කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටින අතර, නැගෙනහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක දිවා කාලයේ උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතියි. එපමණක් නොව, මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යාම සහ රළ පහර ඉහළ යාම හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව දැඩි අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
















