• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වයස 12-18 අතර දරුවන්ගේ එන්නත්කරණය කඩිනමින් ඇරඹීමට අවධානය – සෞඛ්‍ය ඇමැති

9 September 2021
in දේශීය

වයස අවුරුදු 12-18 අතර ළමුන් සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිට අද (09) එක්වෙමිනි.

කොවිඩ් ව්‍යසනය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් ‍විටින් විට පාසල් වසා දැමීමට සිදුව තිබෙන බවත් මෙනිසා හැකි ඉක්මනින් පාසල් ආරම්භ කිරීමට ළමුන් සඳහා වන එන්නත්කරණය ආරම්භ කළ යුතු යැයි අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන කිහිපයක් දරුවන්ගේ එන්නත්කරණය පිළිබඳව මේ වන විට නිර්ණායක කිහිපයක් පෙන්වා දී ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.

ළමුන් සඳහා එන්නත් ලබා දීම ආරම්භ කිරීමත් සමඟ 7 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා දරුවන්ට එන්නත්කරණය සිදු කළ හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.

මේ වන විට ගුරුවරුන් ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බැවින් පාසල් ළමුන්ගේ එන්නත්කරණය අවසන් කිරීමත් සමඟ පාසල් යළි විවෘත කිරීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කෙරේ.
මේ යටතේ දරුවන් ලක්ෂ විස්සක් පමණ එන්නත් කිරීමට හැකිවනු ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම අවුරුදු 20-29 ත් අතර කාණ්ඩයේ මේ වන විට එන්නත්කරණයේ පළමු මාත්‍රාව 34% ක්ද දෙවන 12% ක්ද වශයෙන් ලබා දී ඇතැයි ද තවදුරටත් පැවසීය.

Post Views: 9
Previous Post

කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට අඩු පිරිවැයක පරීක්ෂණ කට්ටලයක්

Next Post

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී මුදල් තැන්පතුව ඉහළට – මහබැංකුව

editor

editor

Next Post

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී මුදල් තැන්පතුව ඉහළට - මහබැංකුව

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved