සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී සිදුකළ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල් වංචාව සම්බන්ධයෙන් වන සම්පූර්ණ වාර්තාවක් විගණකාධිපතිවරයා වෙත භාර දීමට පියවර ගෙන ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ඕස්ට්‍රේලියානු ආයතනයකට ණය වාරික ගෙවීමේදී මෙම මුදල අනවබෝධයෙන් වෙනත් ගිණුමකට බැර වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදුකරමින් පවතී. මෙම විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සහ ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසියේ සහාය ද ලබා ගැනීමට පියවර ගෙන ඇත. අදාළ සිදුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නිලධාරීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
















