• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව ඇරඹේ

17 September 2018
in සංවර්ධන

ආසියානු ඵලදායීතා සංවිධානය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධ ව සංවිධානය කරන ලද සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව අද (17) දින පෙරවරුවේ ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. 

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම වැඩමුළුව ආරම්භ වූ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් බී.විජයරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් මෙන්ම රටවල් 11ක නියෝජිතයින් ද ඊට සහභාගී වී සිටියහ.

2018 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම වැඩමුළුවේ තේමාව වී ඇත්තේ සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ (Workshop on smart Agriculture Extension Models ) කෘෂිකර්ම ව්‍යාප්ති සේවයේ කාර්යභාරය අධ්‍යයනය කිරීම, කෘෂිකාර්මික නිෂ්පාදකයින්ගේ අධ්‍යයන ක්‍රමවේදයේ දී තොරතුරු තාක්ෂණය හා සංඛ්‍යාංක තාක්ෂණය යොදා ගැනීම දිරි ගැන්වීම, සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ පිළිබඳ අධ්‍යයනය හා දැනුම බෙදා ගැනීම, සමාජික රටවල සාර්ථක ආදර්ශවල යොදා ගැනීම් හා ඒවායේ ප්‍රමාණයන් පිළිබඳ පෙර දැක්මක් හා නිර්දේශයන් සකස් කිරීම මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණු වේ.ඒ අනුව මෙම පුහුණු වැඩමුළුවෙන් ලබා ගන්නා දැනුම හා අත්දැකීම් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනයට ද යොදා ගැනීමට හැකිවනු ඇත.

මෙම වැඩමුළුව සඳහා APO සංවිධානයේ සමාජික රටවල් වන බංගලාදේශය, ෆීජි, ඉන්දියාව, මැලේසියාව, මොන්ගෝලියාව, පකිස්ථානය, පිලිපීනය, තායිලන්තය, ශ්‍රී ලංකාව,වියට්නාමය ආදී රටවල නියෝජිතයින් සහභාගී වූහ.

එහිදී අදහස් පළ කළ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික සංවර්ධනය සඳහා දැනට භාවිත කරන භූමි ප්‍රමාණයට වඩා වැඩි ඉඩම් ප්‍රමාණයක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන පවතින බවයි.එම භූමි ප්‍රමාණය භාවිත කරන්නේ නම් ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය පහසුවෙන් ම සංවර්ධනය කළ හැකි බවත්, වත්මන් රජයේ අරමුණ ඒ සම්බන්ධයෙන් පියවර ගැනීම බවත් අවධාරණය කළේය.

 

                       

 

Post Views: 22
Previous Post

විමල්ට එරෙහි සංශෝධිත පැමිණිල්ලක් 

Next Post

මෙහෙදී කෑගහන අය ඉන්දියාවේදී සද්ද නෑ – ඇමැති කිරිඇල්ල

editor

editor

Next Post

මෙහෙදී කෑගහන අය ඉන්දියාවේදී සද්ද නෑ - ඇමැති කිරිඇල්ල

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved