ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා.
ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම්වල ලකුණු 131ක් ලබා ගනිමින් ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවන අතර, දකුණු අප්‍රිකාව ලකුණු 119ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ රැඳී සිටිනවා.
මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීම්වල සිව් වන ස්ථානයේ පසු වූ ඉන්දියාව මේ වන විට ලකුණු 104ක් ලබා ගනිමින් තෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පසුවන්නේ ලකුණු 87ක් ලබා ගනිමින් 07 වන ස්ථානයේයි.














