27 April 2024
#ක්‍රීඩා

එක්දින ලෝක ක්‍රිකට් කිරුළ ඔස්ට්‍රේලියාව දිනා ගනි

හයවැනි වරටත් ලෝක එක්දින ක්‍රිකට් ශූරයන් ලෙස කිරුළ පැලඳීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ ඉන්දියානුවන් අනුශුරයින් කරමිනි.

ඉන්දියාවේ අහ්මදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ ඊයේ (19) පැවති අවසන් තරගයේදී සත්කාරක ඉන්දියාව කඩුලු 6කින් පරාජය පත් කරමින් 6 වැනි කිරුළ ඔස්ට්‍රේලියාව දිනා ගත්තේය.

ඔවුන් මින් පෙර 1987, 1999, 2003, 2007 සහ 2015දී ලෝක එක්දින ක්‍රිකට් ශූරයන් බවට පත් විය.

මේ අවසන් තරගයේ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 240කට දැවී ගිය අතර, පන්දු 42ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළ ඔස්ට්‍රේලියානුවන්ට අහිමි වූයේ කඩුලු 4ක් පමණි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *