ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ තිරසර බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අරමුණින්, ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපයේ නවීන තාක්ෂණය සහිත බලශක්ති සමාගම් දෙකක ආයෝජකයින් දෙදෙනෙක් ඊයේ (01) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
මෙම ආයෝජකයින් සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-306 දරන ගුවන් යානයෙන් රාත්‍රී 09.25 ට දිවයිනට පැමිණි අතර, ඔවුන්ව ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේදී උණුසුම් ලෙස පිළිගැනීමට කටයුතු යොදා තිබිණි.
ආයෝජකයින් සහ අපේක්ෂිත ව්‍යාපෘති:
ඉසුරු යාපා: ඕස්ට්‍රේලියානු බලශක්ති සමාගම නියෝජනය කරමින්.
ලුඩවිකෝ ෆිනොට්ටෝ: ස්විට්සර්ලන්ත ජාතිකයෙකු වන මොහු යුරෝපීය බලශක්ති සමාගම නියෝජනය කරයි.
මොවුන් මෙරට දේශීය ශාක පත්‍ර සහ නවීන තාක්ෂණය භාවිතයෙන් නවතම බලශක්ති ප්‍රභවයක් හඳුන්වා දීමට අදහස් කරති. මීට අමතරව, මෙරට බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems) වැඩිදියුණු කිරීම සහ නවීන බලශක්ති තාක්ෂණයන් හඳුන්වා දීම ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාවයි.
මෙම සංචාරය අතරතුර, ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡා පවත්වා ඔවුන්ගේ ආයෝජන සැලසුම් පිළිබඳව වැඩිදුර තොරතුරු හුවමාරු කර ගැනීමට නියමිතය.
















