• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ මහ නගර සභාවේ වේලාවන්  වෙන්කිරීමට ස්වංක්‍රියව යන්ත්‍රයක්   

9 March 2021
in දේශීය

කොළඹ මහා නගර සභාවේ සේවාවන් සඳහා වේලාවක් ස්වංක්‍රියව වෙන්කරවා ගැනීමේ පද්ධතිය (Automated Appointment Booking System for CMC) හදුන්වා දීම නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ mප්‍රධානත්වයෙන් ඊයෙ (08) කොළඹ මහා නගර සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය ” කොළඹ මහා නගර සභාව මගින් සපයන සියලු සේවාවන් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස කොළඹ නාගරික බල ප්‍රදේශයේ ජීවත්වන ජනතාව වෙත ලබාදීම සඳහා කොළඹ මහා නගර සභාව මගින්, තමාට සිදුකර ගත යුතු සේවාවන් වලට අදාල නිලධාරිවරයකු හමුවීමට කලින් වේලාවක් වෙන් කරවා ගැනීම සදහා 0112 208 208 දුරකථන අංකය හදුන්වා දීමයි අද දින සිදුකරනු ලබන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන සමග එක්ව මෙම කටයුතු සිදුකරනු ලබන අතර සතියේ දිනයන්හි පෙරවරු 8.00 සිට පස්වරු 4:30 දක්වා කාලය තුළ ඉහත දුරකථන අංකයට ඇමතුමක් ලබාදී වේලාවක් වෙන් කරවා ගැනීමට හැකිවේ. 0112 208 208 දුරකථන අංකයට අමතා ස්වයංක්‍රිය සේවාවට පිවිස තමාට සේවාවක් ලබාගත යුතු අංශය තෝරා ගත යුතු අතර අදාල අංශය තෝරා ගත් පසු ඔබගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් අංකය සහ දුරකථන අංකය ඇතුළු කිරීම සිදු කළ යුතු වේ.වේලාව වෙන් කරවා ගත් පසු අදාල දිනයට පැමිණ තමා වෙන් කරවා ගත් නිලධාරිවරයා හමුවී තමාගේ ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කර ගැනීමට මෙමගින් හැකි වේ. ඉදිරියේදි කොළඹ නාගරික බල ප්‍රදේශයේ Covid 19 සඳහා විදිනු ලබන Oxford- AstraZeneca එන්නත මහජනයාට ලබා ගැනීම සඳහා කලින් වේලාවක් සහ දිනයක් වෙන් කරවා ගැනීමට හැකිවන පරිදි e- channelling පද්ධතියක් හදුන්වා දිමට කටයුතු සිදු කරනු ලබනවා.මේ වන විට මෙම ක්‍රියාන්විතය සිදුකිරීම සඳහා යුහුසුලුව කටයුතු කරමින් පවතිනවා. මෙවැනි ක්‍රියාන්විතයක් සිදු කිරිම සදහා උපරිම දායකත්වය සපයන කොළඹ මහ නගර සභාවේ කොමසාරිස් නීතීඥ රෝෂණී දිසානායක මහත්මිය සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් ඇතුලු සියලු ආයතනික අංශ ප්‍රධානීන් හට මාගේ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර සිටිනවා යැයි නගරාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියේය.

 

Post Views: 4
Previous Post

කිලෝ මීටර් 13,000 ක මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කළ බව රාජ්‍ය ඇමැති ලාන්සා කියයි

Next Post

ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

editor

editor

Next Post

ASUS සමාගම ශ්‍රී ලංකාවේ සිය ප්‍රථම විශේෂිත ප්‍රදර්ශනාගාරය විවෘත කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved